ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් වෙයි?
January 29, 2026 04:06 pm
සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශයට වයස් පදනම් සීමා හඳුන්වා දීමට ඉන්දියානු රජය සලකා බැලිය යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ත නාගේස්වරන් මහතා පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්‍ය යෙදුම් භාවිතයෙන් ඇතිවන “ඩිජිටල් ඇබ්බැහිභාවය” පාලනය කිරීම සඳහා වයස් පදනම් සීමා හඳුන්වා දිය යුතු බවය.
කුඩා වයසේ පරිශීලකයින් සමාජ මාධ්‍යට ඇබ්බැහි වී භාවිතය වැඩි අවදානමකට ලක්වන බැවින් වයස් සීමා පිළිබඳ ප්‍රතිපත්ති සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
එසේම කුඩා වයසේ පරිශීලකයින් සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී එලෙස පිවිසෙන අයගේ වයස් සීමා හඳුනාගැනීමට හා එම වයසට ගැළපෙන වීඩියෝ සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කරවීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.
ඕස්ට්‍රේලියාව පසුගිය වසරේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමෙන් අනතුරුව, ප්‍රංශය වයස 15ට අඩු දරුවන්ට එවැනි තහනමක් හඳුන්වා දීමට නීතිමය පියවර ගෙන ඇති අතර බ්‍රිතාන්‍යය, ඩෙන්මාර්කය සහ ග්‍රීසියද මේ පිළිබඳ අධ්‍යයනය කරමින් සිටී.
කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය තුළ ප්‍රතිපත්ති සාකච්ඡාවන්හිදී මෙම පියවර පිළිබඳව සලකා බැලෙන බවය.
