පස්වැනි සමාලෝචනයට IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට

පස්වැනි සමාලෝචනයට IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට

January 29, 2026   12:41 pm

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව  ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසුවද IMF වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවය.

මේ අතර අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේය. 

"මූල්‍ය අංශයේ ආදායම් ශක්තිමත් ලෙස එක්රැස් කිරීම, සමාජ ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම වැඩසටහනේ පළමු කුලුන වනවා.

දෙවැනි කුලුන වන්නේ ණය තිරසරභාවය ස්ථාපිත කිරීම, මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය එහි දෙවැනි කුලුනයි. මිල ස්ථාවරත්වය ඇතිකිරීම එහි තුන්වැනි කුලුන වන අතර ඊට විදේශ සංචිත ඇතුළු බාහිර අවශ්‍යතා ශක්තිමත් කරලීමත් ඇතුළත් වනවා.

 හතරවැන්න වන්නේ මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීමයි. අවසාන වශයෙන් පාලනය වැඩිදියුණු කිරීම සහ දූෂණය අවම කිරීම සිදුකළ යුතුයි.

මේ දක්වා මෙම අරමුණු සඳහා ලබා ඇති ප්‍රගතිය ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒගැන අංශ කිහිපයකින් අපිට තෘප්තිමත් වන්න පුළුවන්. අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. වර්ධනය කැපී පෙනෙන අන්දමින් ප්‍රකෘතිමත් බැවින් පසුගිය වසරේදී 5%ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රගතියක් ලෙස බදු ආදායම් අර්බුදය පැවති සමයේ 7.3%ක් වුවත් අද එය 14.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමගින් ලක් රජය සහ ශ්‍රී ලාංකීය ජනතාව දරන ලද ප්‍රගතියත් පිළබිඹු කෙරෙනවා.
ආදායම තුළ දේශිය නිෂ්පාදනත් කොටසක් ලෙස ඉහළ නැංවීම මූල්‍ය ස්ථාවරත්වය සඳහා පදනම සකසනවා.

මිල ගණන් සැලකූ විට මීට දෙතුන් වසරකට පෙර මම පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙද්දී උද්ධමනය 70% ක් තරම් ඉහළ මට්ටමක පැවතුනා.

අද එය 2%ත් 3%ත් අතර පවතින අතර මහබැංකුවේ ඉලක්කය වන 5% ක මට්ටමේ ස්ථාවර වේවි."

මේ අතර දිට්වා සුළිකුණාටුවෙන් අනතුරුව වූවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ඉතා ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාාජෝ(ර්)ජියෝ කීය.

"තව සතියකින් පමණ අප නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා.  වැඩසටහනේ මීළඟ අදියරේදී දිට්වා සුළි කුණාටුවේ බලපෑම ඒහි නිරූපණය වියයුතු ආකාරය පිළිබදව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වනවා. සිරිනිවාසන් මහතා පැවසූ ආකාරයෙන් වැඩසටහනේ මූලික අරමුණු එලෙසින්ම පවතිනවා. මොකද පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා සහ 28 වැනිදා පැවති සුළි කුණාටුවෙන් පසුවත් වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බව කිවහැකියි."