අගරු වූ ආපදා චෙක්පත් ගැන අනුරාධපුර දිසාපතිගෙන් කරුණු පැහැදිලි කිරීමක්
January 27, 2026 07:32 pm
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පසු පූර්ණ හානි වූ නිවාස සඳහා වන්දි ලෙස ලබාදුන් චෙක්පත් මුදල් කර ගත නොහැකි බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය මහතා විසින් කරුණූ පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
එමගින් දිසාපතිවරයා පෙන්වා දෙනුයේ අදාළ චෙක්පත ලබා දීමේදී නිවෙස් හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ගිවිසුම් ගත විය යුතු බවත් පසුව එම නිවාසවල ප්‍රගතිය පරීක්ෂාවයට ලක් කළ යුතු බවත්ය.
පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවත් සමග පූර්ණ හානි සිදුවූ නිවාස සඳහා වන්දි ප්‍රධානය කිරීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පසුගියදා ආරම්භ කෙරුනේද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.
කෙසේ නමුත් පැතිර යන මෙම ප්‍රකාශ සම්බන්ධව අදහස් දක්වමින් දිසාපතිවරයා පෙන්වා දෙනුයේ අදාළ චෙක්පත ලබා දීමේදී නිවෙස් හිමියන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ගිවිසුම් ගත විය යුතු බවත් පසුව එම නිවාසවල ප්‍රගතිය පරීක්ෂාවයට ලක් කළ යුතු බවත්ය.
එමෙන්ම මෙම සියලු නිවාස පූර්ණ අධීක්ෂණයට ලක් කළ යුතු බවත් ඒ අනුව ක්ෂේත්‍ර නිලධාරීන් විසින් එම ස්ථානයන් වෙත පැමිණ නිවාස ඉදි කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවාස ඉදිකිරීමට අදාළ මුදල් නිදහස් කිරීම් බැංකු හරහා සිදු වෙනු ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව රුපියල් ලක්ෂ 20 වන්දි සඳහා වූ වන්දි ගෙවීම් කටයුතු මේ වන විට සිදුවෙන බවත් සඳහන් කළ ඒ මහතා පැවසුවේ නිවාසවල ඉඩම් හිමියන්ගේ එම අයිතිය තහවුරු කරගනිමින් එම ගිවිසුම් ගතවීමේ කටයුතු සම්පූර්ණ කරමින් පවතින බැවින් ඒ අනුව කඩින් කඩ මෙම මුදල් නිදහස් කිරීමේ කටයුතු සිදුවනු ඇති බවත්ය.
එමෙන්ම මේ සඳහා බැංකු සමගද එකඟතාවට පැමිණ ඇති බවත් පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ මෙම කටයුතු පිළිබඳව පූර්ණ පසුවිපරමක් යටතේ මුදල් නිදහස් කිරීම් සිදුවනු ඇති බවත් නැතහොත් ඉදිරි විගණන කටයුතුවලදී නිලදාරීන්ට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා අවධාරණය කළේය.
ඒ අනුව යම් යම් ස්ථානවල මෙම ගෙවීම් කටයුතු යම් ප්‍රමාදයක් පවතින බව සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මුදල් ගෙවීම් පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් නිසි පරිදි අදාළ පුද්ගලයින් වෙත මුදල් නිදහස් කිරීමේ පූර්ණ පසුවිපරම් ක්‍රමවේදයක් ඔස්සේ යමින් සියලු මුදල් නිදහස් කිරීමට කටයුතු කරන බවත්ය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අනුරාධපුර දිසාපති රංජිත් විමලසූරිය මහතා,
"මේ මුදලට අදාළ චෙක්පත ලබා දුන්නාම ප්‍රාදේශීය ලේකම්වරුවන් අදාළ පර්ශ්ව සමග නැත්නම් නිවෙස් හිමියන් සමග ගිවිසුම්ගත වෙන්නට ඕනේ. ඒ වගේම ඒ නිවාසවල ප්‍රගතිය පරීක්ෂාවට ලක් කරන්නට ඕනේ. ඒ අනුව අපි විශේෂ විදි විධාන යොදලා තියෙනවා මේ සියලු නිවාසවලටම මේ නිවාස 200 ගණනම අධීක්ණය කිරීමේ ක්රමවෙයක්. ක්ෂේත්‍ර නිලධාරීන් මේ ස්ථානයට ගිහිල්ලා නිවාස ඉදි කිරීමේ ප්‍රගතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි නිවාස ඉදි කිරීමට අදාළ මුදල් නිදහස් කිරීමේ කටයුතු බැංකු හරහා සිද්ධ කෙරෙන්නේ.
එතකොට මේ ලක්ෂ 20ට අදාළ කටයුතු මේ වන විට සිද්ධ වෙලා තියෙනවා මේ නිවාස හිමියන්ගේ ඉඩම්වල අයිතිය තහවුරු කරගැනීම්, සහ ඒ ගිවිසුම් ගතවීම් කටයුතු මේ වන විට සම්පූර්ණ කර පවතිනවා. ඒ අනුව තමයි කඩින් කඩ මේ මුදල් නිදහස් කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ. අපි බැංකු සමග එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා ප්‍රගතිය අනුව මේ අයගේ ඒ කටයුත්ත සිද්ධ කර ගැනීම සඳහා ඒ මුදල් නිදහස් කරන්නට. මේ පිළිබඳව විදිමත් පසු විපරම් ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා පරිගණක ගත ක්‍රමවේදයක්. ඒ අනුව තමයි ඉදිරියට කටයුතු සිදුවෙන්නේ.
බොහෝ තැන්වල නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ ස්ථානවලට අදාළ මුදල් නිදහස් කිරීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් බැංකු හරහා මේ වන විට සිදුවෙනවා. මීට අදාළ ලේඛණ කටයුතු යම් ප්‍රමාණයක් තියෙනවා ඒ කටයුතුවල නිරත වෙන්නට සිද්ධ වෙනවා ඒ කටයුතු සම්පූර්ණ කරන්නට සිද්ධ වෙනවා එහෙම නැතිවුණොත් මේ ක්‍රියාවලියේදී අපි ලබා දෙන මුදල මේ කාර්ය සඳහා නැතිව වෙනත් කාර්යකට යෙදවුවොත් නිලධාරීන්ට මේ පිළිබඳව විගණනවලදී උත්තර දෙන්නට සිදුවෙනවා.
ඒ නිසා සූක්ෂම පසුවිපරම් ක්‍රමයක් එක්ක තමා අපි මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා සමහර තැන්වල පුද්ගලයින්ගේ යම් යම් අවශ්‍යතා අනුව ප්‍රමාදවීම් සිද්ධවෙන්නටත් ඉඩ තියෙනවා. සමහර තැන්වල මුදල් නිදහස්වීමේ ප්‍රමාදයන් සිද්ධ වෙනවා නමුත් මේ සඳහා අවශ්‍ය සියලුම මුදල් මේ වනවිට ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යොමු කරලා තියෙනවා. ඒ නිසා මුදල් පිළිබඳ කිසිම ගැටලුවක් නෑ. මේ ක්‍රියාවලිය සුපරීක්ෂණයට ලක් කරලා, අධීක්ෂණයට ලක්කරලා ඒ අනුව මුදල් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සමහර පුද්ගලයින්ට මේ මුදල් ලැබීමේදී සුළු ප්‍රමාදයන් ඇති වෙන්න පුළුවන් නමුත් ඒ මුදල් නොමැතිකම නිසා නෙමෙයි ඒ පුද්ගලයින් මේ කටයුත්තට දක්වන ප්‍රතිචාරත් එක්ක තමයි මේක සිද්ධ වෙන්නේ"
