මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මරුට
January 26, 2026 10:24 am
මධ්‍යම මෙක්සිකෝවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තිබේ.
ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
පාපන්දු තරගයකින් අනතුරුව එහි රැස්ව සිටි පිරිසක් ඉල්ල කරමින් තුවක්කුකරුවන් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන් වේ.
පුද්ගලයින් දස දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය බවත් තවත් එක් අයෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ජීවිතක්ෂයට පත්වූ බවටත් තොරතුරු වාර්තා වෙයි.
