කිසිදු ආධාරකයක් නොමැතිව මහල් 101ක් තරණය කළ ඇලෙක්ස් හොනොල්ඩ්
සයුරෙන් එතෙර

කිසිදු ආධාරකයක් නොමැතිව මහල් 101ක් තරණය කළ ඇලෙක්ස් හොනොල්ඩ්

January 25, 2026   04:15 pm

අමෙරිකානු කඳු නගින්නෙකු වන ඇලෙක්ස් හොනොල්ඩ්, කඹයක් හෝ කිසිදු ආරක්ෂක උපකරණ නොමැතිව තායිවානයේ "Taipei 101" නම්  ගොඩනැගිල්ල තරණය කර තිබේ.

එම ගොඩනැඟිල්ල නම් කර ඇත්තේ එහි ඇති මහල් ගණන අනුවය වන අතර මීටර් 508 (අඩි 1,667) ක් වන අතර එය උණ බම්බුවකට සමාන වන පරිදි නිර්මාණය කර ඇත.

ඊයේ (24) දිනයේ මෙම ගොඩනැඟිල්ල තරණය කිරීමට නියමිතව තිබුණද තෙත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද අදට (25) කල් දමා තිබුණි.

ඔහුගේ මෙම තරණය නෙට්ෆ්ලික්ස් හි සජීවීව විකාශය කරන ලද අතර, ඔවුන් සඳහන් කර තිබුණේ යම් අසුබ දෙයක් සිදුවුවහොත් සජීවී විකාශය ප්‍රමාදයක් සිදුවනු ඇති බවය.

කෙසේවෙතත් හොනොල්ඩ් පැයයි මිනිත්තු 31 කින් මෙම ගොඩනැඟිල්ල තරණය කිරීම සම්පූර්ණ කළේය.

 ඔහු ජයග්‍රහණය සැමරුවේ "Sick" යන එක් වචනයකිනි.

ඔහු වාර්තා කළ එම කාලය, එම කුළුණම මීට පෙර තරණය කළ පුද්ගලයාගේ වාර්තාවෙන් අඩකටත් වඩා අඩු බව සඳහන් වේ.

"ස්පයිඩර්මෑන්" ලෙස තමාව හඳුන්වා ගත් ප්‍රංශ ජාතික ඇලයින් රොබට් විසින් එවකට ලෝකයේ උසම ගොඩනැගිල්ල වූ "Taipei 101" තරණය කළේ ලණු ආධාරයෙනි.

ඒ සඳහා ඔහුට පැය හතරක් ගත වූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

හොනොල්ඩ් ගොඩනැගිල්ලේ මුදුනේ සිටියදී ඔහුගේ බිරිඳ ගොඩනැඟිල්ලේ ඇතුලත සිටිමින් එය නරඹා තිබුණි.

හොනොල්ඩ් 89 වන මහලට ළඟා වූ විට, රසිකයන් ඔල්වරසන් දෙමින් ඔහුව උද්යෝගිමත් කර ඇත.

එම මොහොත හොනොල්ඩ් සහ නෙට්ෆ්ලික්ස් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ.

හොනොල්ඩ් ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඉතා උස කඳු නැගීම් සිදු කර ඇත.

කැලිෆෝනියාවේ යොසෙමයිට් ජාතික වනෝද්‍යානයේ සිරස් ග්‍රැනයිට් කඳු බෑවුම වන එල් කැපිටන්, ලණු හෝ ආරක්ෂක ආම්පන්න නොමැතිව තරණය කළ පළමු පුද්ගලයා ලෙස හොනොල්ඩ් ප්‍රසිද්ධයට පත්ව සිටියි.

අඩි 3,000 (මීටර් 915) වන එල් කැපිටන් කන්ද තරණය කිරීම පිළිබඳ "Free Solo" නම් ඔහුගේ වාර්තා වැඩසටහන සඳහා ඔස්කාර් ඇකඩමි සම්මාණයක්ද දිනා ගෙන තිබේ.