T20 ලෝක කුසලානයට ස්කොට්ලන්තයට වරම් - බංග්ලාදේශ විසිවෙයි

T20 ලෝක කුසලානයට ස්කොට්ලන්තයට වරම් - බංග්ලාදේශ විසිවෙයි

January 24, 2026   03:59 pm

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඉන්දියාවේ පැවැත්වෙන තරග සඳහා බංග්ලාදේශය සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඒ අනුව Group C කාණ්ඩ‍ය සඳහා ඉතාලිය, නේපාලය, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්ත සහ එංගලන්ත කණ්ඩායම ඇතුළත් වේ.