T20 ලෝක කුසලානයට පාකිස්තාන සම්භවයක් ඇති 42ක්
January 18, 2026 05:05 pm
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ රටවල් රැසක පාකිස්තාන සම්භවයක් ඇති ක්‍රීඩකයින් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 42ක් සිටින බව වාර්තා වේ.
මෙම සියලු දෙනාට ලෝක කුසලානයට පෙර ඉන්දීය වීසා ලබාගැනීමේ ගැටලුවක් පැනනැගී තිබූ අතර, එය මේ වනවිට නිරාකරණය කර තිබේ.
වීසා ගැටලුවට ප්‍රධාන වශයෙන් මුහුණදුන්නේ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු වූ ආදිල් රෂීඩ්, රෙහාන් අහමඩ් සහ සකීබ් මහමුද්ය.
ඒ අනුව එම සියලු දෙනාට ගැටලුවකින් තොරව ලෝක කුසලානයට සහභාගිවීමට අවස්ථාව සැලසී ඇත.
එංගලන්තය, නෙදර්ලන්තය, අමෙරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව ඇතුළු රටවල් රැසක මෙම ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමන්විත වේ.
