පරවියන් නිසා දුරදිග ගිය ආරවුල මරණයකින් කෙළවර වෙයි
January 18, 2026 04:17 pm
පරවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර අද (18) දහවල් පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත.
මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 38ක් වූ ඔලියමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය.
මේ අතර මෙම පහරදීම සිදුකළ සැකකරු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
