ලංවිමෙන් විශ්‍රාම යාම ඉල්ලුම් කර ඇති සේවකයින්ගෙන් ජනපතිට ලිපියක්
January 18, 2026 10:50 am
ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වේච්ඡාවෙන් විශ්‍රාමයාම සඳහා ඉල්ලුම්කර ඇති සේවකයින් 2,200 දෙනාගේ ජීවනෝපාය සුරැකීම සඳහා මැදිහත් වන්නැයි එම සේවකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
අදාළ ලිපිය මගින් එම සේවකයින් සඳහන් කර ඇත්තේ ලබා දුන් නිශ්චිත කාල රාමුවක් තුළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාමට තීරණය කරන ලද අතර ඒ හා සමගාමීව ඔවුන්ගේ ඉදිරි ජීවනෝපාය මාර්ග සැලසුම් කළ බවත් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය දිනෙන් දින කල්යාම තුළ ඔවුන් දැඩි වියවුලකටද පත්ව ඇති බවය.
විශ්‍රාම අයදුම් කළ සේවකයින් වන ඔවුන් ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වන නියමිත දිනය ප්‍රකාශයට පත් කරන තෙක් මණ්ඩලයෙන් ඉවත් වී ඔවුන්ගේ නව සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති සඳහන් කර ඇති එම සේවකයින් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ නියමිත දිනය ප්‍රකාශට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු අවසන් කර ඇති බව විදුලිබල ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙමින් ද දැනුම් දී ඇති බවය.
එම සේවකයින් විසින් නිකුත් කළ සම්පූර්ණ ලිපිය පහතින්,
