කොළඹ - කටුනායක අධිවේගයේ හා කඩවත පිටවීමේ පිවිසුමේදී හදිසි රථවාහන පරීක්ෂාවක්
January 18, 2026 09:50 am
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ හා කඩවත පිටවීමේ පිවිසුමෙන් පිටවන සියලූම රථවාහන අද (18) උදෑසන පරීක්ෂාවකට ලක් කෙරුණි.
ඒ මත්ද්‍රව්‍ය හා අපරාධ වැළැක්වීමේ අරමුණිනි.
මෙහිදී කඩවත පිටවීමේ පිවිසුමේදී නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම රථ වාහන බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ පුද්ගලයන්ට මෙහිදි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.
