ඩෙන්මාර්කය ඇතුළු රටවල් කිහිපයකට ට්‍රම්ප්ගෙන් අමතර තීරු බද්දක්
January 17, 2026 10:22 pm
එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය සහ අනෙකුත් යුරෝපීය රටවලට නව තීරුබදු පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ.
ඒ අනුව මෙම රටවලින් එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම හෝ ඕනෑම භාණ්ඩයක් සඳහා 10%ක නව තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර ඇත.
සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ග්‍රීන්ලන්තය අමෙරිකා එක්සත් ජනපදයට ඈඳා ගැනීමේ ක්‍රියාවලිය සඳහා ගනුදෙනුවකට එළැඹෙනතාක් මෙම තීරුබද්ද ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවල්වලින් අමෙරිකා එක්සත් ජනපදයට ආනයනය කරනු ලබන ඕනෑම භාණ්ඩයක් සඳහා මෙම 10%ක තීරු බද්ද පැනවෙනු ඇති බව ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබේ.
එමෙන්ම 2026 ජුනි 01 දින සිට මෙම තීරු බද්ද 25%ක් දක්වා ඉහළ දමන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සටහන මගින් අනතුරු අඟවාද තිබේ.
