header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
වෙනත් පුවත්
Healing Sri Lanka අරමුණු ගැන කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය පැහැදිළි කරයි
Jan 17, 202608:38 PM
Healing Sri Lanka අරමුණු ගැන කාන්තා සහ ළමා කටයුතු ඇමතිනිය පැහැදිළි කරයි
Mobitel 1278

ශ්‍රී ලංකා රජය විසින් පසුගියදා ඇති වූ දිට්වා ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල්වල ජීවිත නැවත යථා තත්ත්වයට පත් කිරීමට "Rebuilding Sri Lanka" ප්‍රවේශය හරහා කටයුතු කරන බවත් ඊට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය "Healing Sri Lanka" නමින් නව සංකල්පයක් හඳුන්වා දී තිබෙන බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ඊයෙ (16) දින ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වුණු ප්‍රථම “ගෝළීය රැකවරණය සළසන්නන්ගේ සමුළුව 2026” (Global Caregiver Forum 2026) ට සහභාගී වෙමිනි.

අමාත්‍යවරිය පැවසුවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ආපදාවට පත් පවුල්වල සාමාජිකයින්ගේ මනෝ - සමාජීය යහපැවැත්ම සංවර්ධනය කිරීම මේ හරහා සිදුකරනු ලබන බවත් එමගින් දෙමාපියන් ඇතුළු රැකවරණය සළසන්නන් තුළ වන කම්පනයන් සුවපත් කරමින් ඔවුන්ට අවශ්‍ය මානසික සහයෝගය ලබා දීමට අමාත්‍යාංශය කටයුතු කරන බවත්ය.

එමෙන්ම මෙම ක්‍රියාවලියේ අපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස දරුවන්ට උසස් මට්ටමේ පවුල් පාදක රැකවරණයක් සැළසීම තහවුරු කෙරෙන බවත් පැවසූ අමාත්‍යවරිය මෙය මේ වන විට රටේ ජාතික ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා ගනිමින් කටයුතු කරන බවය.

ස්පාඤ්ඤයේ ලෙටීසියා මහරැජිනගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වන දිනෙන් ඇරඹී දින දෙකක් පුරාවට පැවති මෙම සමුළුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) ලෝක සෞඛ්‍ය සංවිධානය සහ LEGO Foundation ආයතන සමඟ එක්ව සංවිධාන කර තිබුණි.

මෙම සමුළුව ලොව පුරා සිටින රැකවණය සළසන්නන් සහ දෙමාපියන් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ සහයෝගීතා රාමුවක් සකස් කිරීම අරමුණු ගනිමින් විශේෂඥ සාකච්ඡා සහ ක්‍රියාකාරකම් රාශියක් අන්තර්ගත කරගනිමින් පැවැත්විණි.

ඒ අනුව, "අනාගත දැක්ම සහ ඉදිරි පියවර" යන මැයෙන් පැවති සමාප්ති සැසිය සඳහා සාකච්ඡා මණ්ඩප සාමාජිකයෙකු ලෙසින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියද සහභාගී විය.

ඒ සඳහා අනෙකුත් සාමාජිකයින් ලෙස කසක්ස්තානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය Aliya Rustemova මහත්මිය, Triple P Positive Parenting Programme හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) Matt Buttery මහතා, පෘතුගාලයේ, Santa Casa, Boavista Training and Development Center හි අධ්‍යක්ෂ Catarina Magalhães මහත්මිය, අයර්ලන්තයේ Family Resource Centre National Forum හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Fergal Landy මහතා ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය සංවර්ධනය සහ රැකවරණය සඳහා ක්‍රියාත්මක කෙරෙන, මුල් ළමාවිය දරුවන් ඉළක්ක කරගනිමින් හඳුන්වා දුන් ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ "Step - Up" සන්නිවේදන වැඩසටහන. 2027 වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා හඳුන්වා දෙන පොදු විෂය මාලාව සහ ගුරුවරුන් 19,000කට ලබාදෙන විධිමත් පුහුණුව. මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම 2025 - 2029

ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් රැකබලා ගැනීම ඇතුළු අනෙකුත් කරුණු වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන පස් අවුරුදු වැඩසටහන. වැනි වැඩසටහන් පිළිබඳවද ජාත්‍යන්තරය දැනුවත් කරන ලදී.

එහිදී පසු ආපදා තත්ත්වය තුළ ජන ජීවිත යථා තත්වයව පත්කිරීම උදෙසා ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති "Rebuilding Sri Lanka" සහ"Healing Sri Lanka" ප්‍රවේශයන් සභාගීව සිටි රාජ්‍ය නායකයින්ගේ සහ විෂය ප්‍රවීනයන්ගේ පැසසුමට ළක්විය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ නිලුෂිකා ධනසේකර, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) ශ්‍රී ලංකා හි අධ්‍යාපන නිලධාරී (Education Officer) ශශිකලා සුමුදු කුමාරි රත්නායක යන මහත්මීන් එක්ව සිටියහ.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnUDfvCuWDW6r8nb3W-YezeFys3Po_eUd4yrdL05YYbzzHUvW2oJI16KGtnbflYmrAfxFGuPzt_cnXUEJUEsdJi3Vws16QVUUo9D8JgO7K6gmKRtgZ5NeCQcIQ5h4jrp6a2rhDj4hcD4QQrzWnaBXfG6mCuKrwrsjdAQWfLCUHNPSf3D6Wx0m0uoiu6DOk/s1600/01.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgdCloXyWNA2sn3rbQjJrQgtzyjD_1UKkbgCn3GzwnvYfchGhbFpMlb6lWRtIchgAD8Qe-q0Prb2D0V3DT9GJ_lmr7roic8tQDGf930fuPNn7hLvqHp29MNdunp16Q1waafsL78uoM07LOg_1KZZrm9RqW-z8klSFwUomY7GsvLrfG6UN_evxwz1wXz1kvJ/s1600/02.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCSuR7lmJBCRObrgvd4vdCId9RnmH-cQKlICdjwPgIo0GNej-8Sa-b9UsFRBVMwYYF5chqU-GV4AuNNV0o_x3vQvJIMW-Uo-CgCzbN2QisbqIa4OdC9jddt95Doe3NRCGuC02SXROn3t4_7nncVbVeNB1CbuPlDfHXj82AdHOQjZlnvqIuO40aiBXhKMVy/s1600/03.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb1jTAC6XyiNBJtv2PtZphlnsTPZZeMvLR73RoMqFDUbpcJKTw5PukatcepJBFbQbe1URSSWMy1TGR_vyk4qkmSiTcEj_pyrX66MF6w1StGRZDZFdoZ8o49rbmEMdEptIZUWEG1Puim9UHcjNi7kwEq7pwNEpWk7alu3lZQRIUCNwFBFeJh8R3B2ulD7MS/s1600/04.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjeDN15rRQBdSnoqaywXq5Dzkh1ivm64DuUzr6E68L-88TP38XwSWy9X0VBx7H8arym_NsDqfal4IL5LmdTHC1Q64pqR7xtMdqMiGXwP0M4-JUEk2PXHr0Rm-xsGe5PnbRYwHyvobAiaoLCmE7V12w5QDHff-DD4Vh8dWIWm_XhyphenhyphenSb5m2rCZ7bFlTd6MWHb/s1600/05.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

වැඩ වරද්දාගත් කොස්ගොඩ වෙඩික්කරුවන් - ASP ඕලුගලත් මහ රෑම කොස්ගොඩට එයි

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පතින් ජලභීතිකා රෝග මර්දනය අර්බුදයට ලක්වෙලා

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

කොරියානු ජනරජයේ ජාතික පදනම් දින සැමරුම කොළඹදී - පක්ෂ - විපක්ෂ දේශපාලනඥයින් රැසක් එක්වෙයි

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

''මෙවන් තත්ත්වයක විශ්වවිද්‍යාල පද්ධතිය පවත්වාගන්න බැහැ'' - ඇදුරන් නැතිකමින් සරසවි අර්බුදයක

දෙරණ දිනන්න අදත් දරුවන්ට අවස්ථාව - ඔබේ නිවේදන හැකියාව ලංකාවටම පෙන්වන්න දෙරණ කුටියට එන්න | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 09 වැනි දිනය අදයි - ප්‍රධාන ආරාධිතයා ලෙස සජිත් එක්වෙයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

ප්‍රවීණ මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් රචිත - "දෝදු” ග්‍රන්ථය එළි දක්වයි | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

සැමට සමානව නීතිය ක්‍රියාත්මක කරන හැටි ඇමති වටගල කියයි - "හිටපු ජනාධිපතිත් එකයි" | Ada Derana

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

රැකියාවක් දෙන බව පවසා විදෙස් කතක් මෙරටට ගෙන්වා ගෙන තහනම් රැකියාවේ යොදවලා

 අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

අලි මන්තර කියා වනඅලියා එළවන්න ගිය මෝඩ රැළට අලියාගෙන් අමතක නොවන පාඩමක්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

පොලීසියෙන් කුඩා ළමුන්ට ලබාදුන් හෙල්මට්....

 මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

මිතුරු වෙස්ගත් මාරයා.. - ඝාතනය වූ තරුණයාගේ සිරුර දින 2ක් ඇඳ උඩ

 සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සරණට සරණක් සෙවූ අධිකරණ රෙජිස්ටාර්ට වැඩ වැරදුණු හැටි... ඔක්: 6 දක්වා රිමාන්ඩ්

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

සලේ නිසා රෝහලත් සැලේ... සලේගේ වෛද්‍යවරු 10කට අධිකරණයෙන් නොතීසි

Lassana Flora
Spotlight
දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

දැන්ම ලෑස්ති වෙන්න එල්නිනෝ දරුණු වෙයි

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

ඉන්ධන - ආහාර නැතුව ඉරාන නැව් 20ක් ගාලු මුහුදේ

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

චීනයේ මීළඟ තේරීම චම්පික රණවකද?

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් බෙදන විදෙස් සමාගම්වලට රුපියල් 70 මදිලු... 135ක් ඕනැලු

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

තෙල් ගෙන්වූ වියදම 61%කින් නගී

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

නැව් 20ක් තවමත් ලංකාව ආසන්නයේ... ඉරාන නැව්වලට කෑම ඉන්ධන දුන්නොත් සම්බාධක... අමෙරිකාව අනතුරු අඟවයි

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

වයස 8 - 21 අතර ළමුන් සහ තරුණයින් 9,105ක් විවිධ මත්ද්‍රව්‍ය හේතු මත අත්අඩංගුවට අරන්..

 කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

කුකුළු මස් කිලෝ 1ක් අල්ලස් ඉල්ලූ පොලිස් නිලධාරියාට වැඩ වැරදුණු හැටි

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

1ක් 2ක් නෙවෙයි.. මාස 9ට පාතාල ඝාතන 28ක්

  LK  Skip navigation Search    Create  9+  Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

LK Skip navigation Search Create 9+ Avatar image දවසේ කාටුන් විස්තරේ | Ada Derana

 උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

උඩරට මැණිකේ අද උඩරටට | කොළඹ සිට පේරාදෙණිය - ගම්පොළට | නුවර යන ගමනත් ළඟ ළඟම | Ada Derana

 ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

ලෝක අමද්‍යප දිනයට හෙට සුරාසල් වැසේ | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

බන්දුල අද අල්ලස් කොමිසමට | Ada Derana

 ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා

ලංකාවේ දූෂණ, අනවශ්‍ය නීති, දුර්වල නිලධාරිවාදය හේතුවෙන් ආයෝජන අතරමඟ නැවතිලා