
රාජිකා අගම්පොඩි මහත්මිය විසින් රචිත “නොබිදෙන හිස් තැන” කාව්‍ය ග්‍රන්ථය පසුගියදා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී සිදුවිය.
ඉපැරණි ආකෘතික කවි පර්යේෂණයට බඳුන් කොට එහි ආභාශය ද ගෙන නිර්මාණය වී ඇති මෙම ග්‍රන්ථය ව්‍යවහාරික සමාජය තුළ ප්‍රායෝගිකත්වය පදනම් වූ මාතෘකා මත නිර්මාණය වී තිබේ.
මෙහි පළමු පිටපත මීතිරිගල නිසරණ වන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය සතිපාසල සහ විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව නායක හිමියන් වෙත පිළිගැන්වීම සිදුවිය.
මෙම කාව්‍ය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්වයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රවීණ රංගධර ජයශ්‍රී චන්ද්‍රජිත් මහතා සහභාගී වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එක්ව සිටිහය.



































