ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා මරුට

ට්‍රැක්ටරයක් පෙරළී රියදුරා මරුට

January 17, 2026   08:40 am

ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් රියදුරු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මඩොල්සිම පස්සර මාර්ගයේ මාළිගාතැන්න දෙසට ඇති අතුරු මාර්ගයේ බෑවුම් සහිත ස්ථානයකදී ඊයේ (16) උදෑසන මෙම අනතුර සිදුවී ඇත. 

අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ වැරැල්ලපතන, මඩොල්සිම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.