ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා

ජින්තුපිටියේ වෙඩිතැබීම අතරතුර ළමයි දෙදෙනෙකුටත් වැදිලා

January 16, 2026   11:23 pm

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී අද (16) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

එලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක පුද්ගලයෙකු බව සඳහන්.

එමෙන්ම මෙම වැඩිතැබීම අතරතුර කුඩා පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවෙකුටද වෙඩි වැදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත්කර ඇත.

ජින්තුපිටිය 125 වත්ත නම් කොටසේ දී මෙම වෙඩිතැබීම සිදුවිය.

ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසීය.