තෛපොංගල් දිනයට දිලිත්ගෙන් සුබ පැතුම්

තෛපොංගල් දිනයට දිලිත්ගෙන් සුබ පැතුම්

January 15, 2026   07:12 am

අද දිනයේ තෛපොංගල් සමරන සියලූම දෙමළ බැතිමතුන්ට හදපිරි සෙනෙහසින් සුබ පැතුම් එක්කරන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

තෛපොංගල් දින සුබ පැතුම් එක්කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, වත්මන් සමාජය තුළ කෘතගුණ දැක්වීම සහ අසීරු අවස්ථාවන්හිදී තමන්ට උපකාර කළ පිරිස් මතකයේ තබා ගැනීම වැනි උතුම් සාරධර්ම ක්‍රමයෙන් වියැකි යමින් පවතින බවය.

එවන් පසුබිමක එම සාරධර්ම රැකගැනීම සහ ඒවායේ වටිනාකම තෛපොංගල් උත්සවයෙන් සංකේතවත් කරන බවද දිලිත් ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ලොව පුරා දෙමළ බැතිමතුන් මහත් ගෞරවයෙන් සහ බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට යෙදී ඇති බවත්, කෘෂිකාර්මික ජීවන රටාව තුළ, අස්වනු නෙළීම සැමරීම වෙනුවෙන් තෛපොංගල් දිනය සමරනු ලබන බවද දිලිත් ජයවීර මහතා සඳහන් කර තිබේ.

එහිදී සරුසාර අස්වැන්නකට උපකාර කළ මහපොළව, සූර්යයා, වර්ෂාව වැනි ස්වභාවික සම්පත්වලට මෙන්ම, ගව මහීෂාදීන්ට ස්තූතිය පළ කිරීමත් සිදුකෙරෙන බව දැක්වේ.