"ඉරානයේ විරෝධතා දිගටම පවත්වා ගන්න - සහාය ලැබෙමින් පවතී" ට්‍රම්ප්ගෙන් පණිවිඩයක්
January 13, 2026 10:14 pm
ඉරානයේ විරෝධතාකරුවන්ට විරෝධතා දිගටම පවත්වාගෙන යන ලෙස ආරාධනා කරමින්, ඔවුන්ට සහාය ලැබීමට නියමිත බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
එහෙත් එම සහාය යන්නෙන් අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත හැකි ක්‍රියාමාර්ගයක් අදහස් කරන්නේද යන්න පිළිබඳව ඔහු පැහැදිලි කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් සිය Truth Social ගිණුම හරහා සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “ඉරාන දේශප්‍රේමීන්වරුනි, විරෝධතා දිගටම පවත්වා ගන්න – ඔබගේ ආයතන පාලනයට ගන්න!!! … සහාය ලැබෙමින් පවතී,” යනුවෙනි.
මීට පෙර ට්‍රම්ප්, ඉරානයට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ගයක් ලෙස හමුදා ක්‍රියාමාර්ගයද සලකා බලමින් සිටින විකල්ප අතර පවතින බව ප්‍රකාශ කර තිබුණි.
වසර ගණනාවකට පසු ඉරානය තුළ දැඩිම රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට පවතී.
ඉරාන නිලධාරියෙකු සඳහන් කර ඇති පරිදි, මෙම විරෝධතා හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පුද්ගලයින් 2,000කට අධිත පිරිසක් මියගොස් ඇත.
මේ අතර, ඊයේ රාත්‍රියේදී ට්‍රම්ප්, ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනු කරන ඕනෑම රටක නිෂ්පාදන සඳහා සියයට 25ක ආනයන බද්දක් පැනවීමට තීරණය කර ඇති බවද නිවේදනය කළේය.
ඉරානය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකාරක රටක් ලෙසද සැලකේ.
