දහස් ගණනකගේ ආදරය දිනාගත් 'ආලෝකා' ගැන දුක හිතෙන පුවතක්

දහස් ගණනකගේ ආදරය දිනාගත් 'ආලෝකා' ගැන දුක හිතෙන පුවතක්

January 13, 2026   07:39 pm

අමෙරිකානුවන් දහස් ගණනකගේ ආදරය දිනාගමින් 'සාමය උදෙසා පාගමන'ට (Walk for Peace) එක්ව සිටි 'ආලෝකා' නම් සුනඛයා ආබාධකට ලක්ව තිබේ.

ඒ හේතුවෙන් එම සුනඛයා මේ වනවිට සැත්කමකට භාජනය කර ඇත.

පැයකට ආසන්න කාලයක් සිදුකර ඇති එම සැත්කම සාර්ථකව අවසන් කර ඇති බවත්, මේ වනවිට එම සුනඛයා වෛද්‍ය අධීක්ෂණය යටතේ සුවය ලබමින් සිටින බව සඳහන්ය.

මෙම පාගමනට එක්ව සිටින ෂෙන් යූ හිමියෝ සිය 'ත්‍රෙඩ්ස්' ගිණුමේ සටහනක් තබමින් දැනුම්දී ඇත්තේ, ආලෝකාට විවේක ගැනීමට කාලය අවශ්‍ය බවය.

"ආලෝක භික්ෂූන් වහන්සේලා අසලින් බොහෝ ප්‍රීතියෙන් හා ශක්තියෙන් ඇවිද ගියා. දැන් ඔහුට විවේක ගැනීමට, සුවපත්වීමට පියවරෙන් පියවර කාලය අවශ්‍යයි" උන් වහන්සේ පවසයි.

ඒ අනුව 'ආලෝකා'ට නැවතත් ගමනට එක්වීමට තව ටික කාලයක් ගතවනු ඇත. පශු වෛද්‍ය කණ්ඩායම පවසන්නේ "ප්‍රවේශමෙන් හා ක්‍රමයෙන්" එය සිදුකළ යුතු බවය.

"ආලෝක භික්ෂූන් වහන්සේලා සමග බොහෝ දුරක් ඇවිද ගියා. බොහෝ හදවත්වලට ප්‍රීතිය හා ආශ්වාදය ගෙන දුන්නා.

දැන් ඔහුට විවේක ගැනීමට, සුවපත් වීමට සහ ඔහුගේ ශක්තිය නැවත ලබා ගැනීමට කාලය අවශ්‍යයි. අපි සෑම පියවරකදීම ඔහුව ඉතා හොඳින් රැකබලා ගන්නවා" පශු වෛද්‍ය කණ්ඩායම පවසයි.

'ආලෝකා' මේ වනවිට අන්තර්ජාලයේ පුරා කීර්තිමත් සුනඛයෙකු බවට පත්ව සිටියි. 

ඉන්දියාවේ උපත ලැබූවෙක් වන 'ආලෝකා' වයස අවුරුදු 4ක සුනඛයෙකු බව සඳහන්ය.

අයාලේ ගිය සුනඛයෙකු වන එම සත්වයා ඉන්දියාවේ ගමන්කළ 'සාමය උදෙසා වූ' පාගමනේ දී මෙම භික්ෂූන් වහන්සේලා සමග එක්ව තිබේ.

එතැන් සිට මේ දක්වා මෙම භික්ෂූන් වහන්සේලා සමග අඛණ්ඩව පාගමනට එක්ව සිටියි.