මියන්මාරයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක්
January 13, 2026 05:18 pm
සුළි කුණාටුවකින් පීඩාවට පත් මෙරට ජනතාවට බෙදාදීම සඳහා මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 500ක පරිත්‍යාගයක් සිදුකර ඇත.
එම සහල් තොගය ලබාදීම නිල උත්සවය එරට යැංගොන් වරාය පරිශ්‍රයේ දී අද පැවැත්විණි.
මෙම අවස්ථාවට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රභාෂිණී පොන්නම්පෙරුම ඇතුළු එරට නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව තිබේ.
