රජයේ ආයතනවලට අයත් වාහන සඳහා ඉන්ධන ගැනීමට ඩිජිටල් කාඩ්පත්

රජයේ ආයතනවලට අයත් වාහන සඳහා ඉන්ධන ගැනීමට ඩිජිටල් කාඩ්පත්

January 13, 2026   02:35 pm

රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩපත් ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ඇත.

රජයේ ආයතනවලට අයත් වාහනවලට ඉන්ධන සපයා ගැනීම සඳහා ඩිජිටල් කාඩ්පත් ක්‍රම වේදයක් භාවිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. 

එමඟින් ඉන්ධන අවශ්‍යතාව අනුව මාර්ගගත බැංකු ක්‍රමවේදය හරහා ඊට අදාළ මුදල් ප්‍රතිපූරණය කිරීමටත්, පුද්ගල මැදිහත් වීම අවම වීම තුළින් ඉහළ විනිවිද භාවයකින් හා කාර්යක්ෂමතාවකින් ඉන්ධන සපයා ගැනීමටත් අවකාශ ලැබෙනු ඇත. 

මේ වනවිට ලංකා බැංකුව හා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව වාහන සඳහා ඩිජිටල් කාඩ්පත් මඟින් ඉන්ධන සැපයීමේ ක්‍රම වේදය හඳුන්වා දී තිබේ. 

ඒ අනුව, ප්‍රථමකොට නියමු ව්‍යාපෘතියක් වශයෙන් ජනාධිපති කාර්යාලයේ සංචිත වාහන සඳහා ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් එකී ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත්, එහි සාර්ථකත්වය මත පදනම්ව අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ද එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්කර ඇත.