විමල් වීරවංශ සත්‍යග්‍රහය අරඹයි
January 12, 2026 10:32 am
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මේ වන විට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර ඇත.
