ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය

January 10, 2026   04:32 pm

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ,  නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය 2026 ජනවාරි 10 වන දින පෙ.ව. 11.30ට මුලතිව් සිට කිලෝමීටර 20 ක් පමණ නැගෙනහිරින් පිහිටා තිබුණු බවය. 

එය අද සවස් කාලයේ මුලතිව් ආසන්නයේ වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවත් එය හෙට දින වන විට අඩු පීඩන ප්‍රදේශයක් දක්වා දුර්වල වීමට හැකියාව පවතින බවත් කාලගුණ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

ඒ අනුව, හෙට සිට මෙම පද්ධතියෙන් දිවයිනේ කාලගුණයට ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වේ යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේනදයේ දැක්වේ.

උතුරු , උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වයඹ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.