ගලෙන්බිදුණුවැව ඛේදවාචකය - බරපතළ තුවාල ලැබූ වැඩිමහල් දිණියටත් දිවි අහිමි වෙයි
January 10, 2026 03:17 pm
අනුරාධපුර, ගලෙන්බිදුණුවැව ප්රදේශයේ පුද්ගලයෙකු විසින් නිවසක් ගිනිතැබීමෙන් සිදුවු අනතුරකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි 15 හැවිරිදි දියණියත් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම ගිනි තැබීම පසුගිය (06) වනදා සිදු වූ අතර, ගින්නට හසුවී 43 හැවිරිදි ගිනි තැබූ පුද්ගලයා සහ ඔහුගේ 13 හැවිරිදි දියණිය එම ස්ථානයේම මියගොස් තිබුණි.
ගිනිගැනීමෙන් ඇතිවූ බරපතළ තුවාල හේතුවෙන් මියගිය පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දණිය තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
එහිදී රෝහල් ගතව ප්රතිකාර ලබමින් 36 හැවිරිදි බිරිඳ ද පසුගිය 06 වනදා ජීවිතක්ෂයට පත්ව ඇති බව ගලෙන්බිඳුණුවැව පොලීසිය සඳහන් කළේය.
අද (10) උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටි වයස 15 හැවිරිදි වැඩිමහල් දියණිය ජීවිතක්ෂයට පත්වී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට අද නියමිතව ඇත.
ගලෙන්බිඳුණුවැව පොලිස් වසමේ, නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්රදේශයේ මෙම සිද්ධිය සිදුව තිබුණි.
මෙම ගින්නට හසුවූ 20 හැවිරිදි පුත්රයා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් පිළිස්සුම් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
