සැමියාගේ මවගේ නමට ගත් දේපොළ තහනම් කෙරේ

සැමියාගේ මවගේ නමට ගත් දේපොළ තහනම් කෙරේ

January 7, 2026   09:23 pm

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන සෞම්‍යා ප්‍රනාන්දු හෙවත් 'මොරටුවැල්ලේ බට්ටිගේ' සැමියාගේ මවට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් දේපොළ තහනම් කර ඇත.

පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් පානදුර, සින්දවත්ත ප්‍රදේශයේ පිහිටි ඉඩමක් හා ඉදිකරමින් පවතින සුඛෝපභෝගී නිවසක් මෙලෙස තහනම් කර තිබේ.

දේපොළ සැඟවීමේ අරමුණින් සැමියාගේ මවගේ නමට ඒවා මිලදීගෙන ඇතැයි සැකකරන බව සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදුකරන පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා සඳහන් කළේය.