කාසියේ වාසිය පාකිස්තානයට

කාසියේ වාසිය පාකිස්තානයට

January 7, 2026   06:38 pm

ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තානය අතර තරග 3කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (7) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන නායක සල්මාන් අගා සමත් විය.

ඒ අනුව ඔහු පළමුව පන්දුවට පහරදීම සඳහා නායක දසුන් ශානකට ආරාධනා කළේය.

මෙම තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.

මේ අතර අද තරගය සඳහා හිටපු නායක චරිත් අසලංක මෙන්ම ධනංජය ද සිල්වා කැඳවා තිබේ.

ධනංජය ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට පැමිණ ඇත්තේ 2014 වසරේ ජූනි මස විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වීම සුවිශේෂීය.