header logo
SLIC
උණුසුම් පුවත්
පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ - ඇමති හර්ෂණ
Jan 07, 202605:23 PM
පනත් කෙටුම්පත සම්මත වූ පසු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නෑ - ඇමති හර්ෂණ
Mobitel 1278

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවීමෙන් පසු කිසිදු මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතෙහි පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදු විය.

ඉන් අනතුරව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

එහිදී වැඩිදුර අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ඉදිරියේදී එය දෙවැනිවර සහ තුන්වනවර කියවීමෙන් පසු එය නීතිය බවට සම්මත කරනවා. එය නීතියක් බවට සම්මත වුණාට පසුව එතැන් සිට කිසිම අයෙකුට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මතවීමට පෙර ලබාගත්ත විශ්‍රාම වැටුප්වලට අගතියක් වෙන්නේ නෑ. ඒවා නැවත ගෙවන්න ඕනි කියලා එකක් මේ පනතේ නෑ. මේ පනත සම්මතවන දිනයේ සිට වෙනදේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්වන එක. අපි මේක ගේන්න හේතුව තමයි දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැමවිටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදාගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂයෙන් මහජන විරෝධතාවයක් තියනවා මේ අවුරුදු පහක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුප ගන්නේ. මක් නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් උනොත් වසර ගණනාවක් සේවය කරලා කොන්දේසි ගණනාවකට මුහුණදීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුප හම්බවෙන්නෙ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නෙත් නැහැ. අපි ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කලේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඒ වගේම විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වැටුප හැර වරප්‍රසාද යම් ප්‍රමාණයකටත් ඉවත් කලා. ඉතිං මේකෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකෙන් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් කරනවා. මේකට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ අපි දීපු පොරොන්දුව මත මෙම විශ්‍රාම වැටුප අහෝසි කිරීම. යම් හෙයකින් යම් මන්ත්‍රීවරයකුට මේ විශ්‍රාම වැටුප නැතිව අපහසුතා තියනවානම් ඒ්ක රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන් ඉන් පසුව ඒ් මන්ත්‍රීවරයා දිහා බලලා ආර්ථීක සහන අවශ්‍ය නම් ඒ්ක කෙරෙන්නේ කොහොමද කියලා විසඳන්න පුළුවන්"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්