header logo
SLIC
වෙනත් පුවත්
BTS රසිකයන්ට සුබ ආරංචියක් - නව ඇල්බමය මාර්තු 20වනදා එළිදක්වයි
Jan 06, 202612:05 PM
BTS රසිකයන්ට සුබ ආරංචියක් - නව ඇල්බමය මාර්තු 20වනදා එළිදක්වයි
EDEX

K-Pop සංගීතයේ උන්මාදනීය සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.

ඉන් පසුව BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන බව එම සංගීත කණ්ඩායමේ භාරකාර ඒජන්සිය වන HYBE Corporation විසින් නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

2022 වසරේ "Proof" ඇල්බමය නිකුත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සියල්ලන් එක්ව නිකුත් කිරීමට නියමිත පළමු ඇල්බමය මෙය බව ද සඳහන් වේ.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් පසුගිය වසර කිහිපය පුරාවට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය සිදුකළ බැවින් ඔවුන්ගේ සම්පූර්ණ සාමාජිකයින් එක්ව මෙලෙස ගීත ගායනා කරන්නේ වසර 3කට පසුවයි.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.

එම කණ්ඩායමේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි "ජින්" ඒ අනුව පළමුවෙන් හමුදා සේවයට එක්විය.

පසුගිය වසරේ ජූනි මාසය එම කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකු අනිවාර්ය හමුදා සේවය අවසන් කළේය.

2013 වසරේදී පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත්කළ BTS සංගීත කණ්ඩායම ලොව පුරා තරුණ පරපුර අතර අතීශය ජනප්‍රිය සංගීත කණ්ඩායමකි.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ, ජන්ග් කුක් (Jung Kook), V, ජිමින් (Jimin), සුගා (Suga), RM, ජින් (Jin), සහ ජේ හොප් (J-hope)ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට