මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන්  500කට පමණ විනය පියවර

මත්ද්‍රව්‍ය වැරදිවලට පොලිස් නිලධාරීන් 500කට පමණ විනය පියවර

January 5, 2026   01:26 pm

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව විනය පියවර ගෙන ඇති බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවය.

අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිළධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මේ බව කියා සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා රජය වැඩපිලිවෙල රැසක් ක්‍රියාත්මක කර ඇති බවය.