සොහ්රාන් මම්දානි නිව්යෝක් නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි

සොහ්රාන් මම්දානි නිව්යෝක් නගරාධිපති ධුරයේ දිවුරුම් දෙයි

January 1, 2026   04:25 pm

නිව්යෝක් නගරාධිපති ධුරයට තේරී පත්වූ සොහ්රාන් මම්දානි අද (1) සිය ධුරයේ දිවුරුම්දෙනු ලැබීය.

මුස්ලිම් භක්තිකයෙකු වන මම්දානි කුරානය මත අතතබා දිවුරුම් දුන් අතර, එලෙස දිවුරුම් දුන් පළමු නිව්යෝක් නගරාධිපතිවරයා ඔහු වේ.

ඒ වගේම ආසියානු සම්භවයක් සහිත සහ අප්‍රිකාවේ උපත ලබා නිව්යෝක් නගරාධිපතිවරයා බවට පත්වූ  පළමුවැන්නාද මම්දානි වේ.

ජනපති ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන්නෙකු වන මම්දානි, අද සිට සිට වසර 4ක කාලයක් සඳහා නිව්යෝක් නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන ලබයි.

34 හැවිරිදි සොහ්රාන් මම්දානි, කුලී නිවැසියන්ට සහන සැලසීමට, නිදහස් බස් ගමනාගමනයට සහ ළමා සත්කාර නොමිලයේ ලබාදීමට ප්‍රතිඥා තිබේ.

මම්දානි පසුගිය වසරේ පැවති නගරාධිපති ඡන්දයෙන් මිලියන 2ක පමණ ඡන්ද  සංඛ්‍යාවක් ලබමින් නිව්යෝක්හි 112වන නගරාධිපතිවරයා බවට තේරීපත් විය. 

එහිදී ඔහු ජනපති ට්‍රම්ප්ගේ සහාය ලැබූ ස්වාධීන අපේක්ෂක ඇන්ඩෘ කුවෝමෝට වඩා 10%ක පමණ ඡන්ද ප්‍රතිශතකයක් ලබාගැනීම සුවිශේෂීය.

සොහ්රාන් මම්දානි මුම්බායිහි ඉන්දීය මහාචාර්යවරයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂිකා මීරා නායිර්ට දාව, උගන්ඩාවේ කම්පාලා නුවර උපන් අයෙක්ය.

ඔහු දෙමාපියන් සමග වයස අවුරුදු 7දී අමෙරිකාවට සංක්‍රමණය වී ඇත.