header logo
Vallibel FD
Mogo Academy
Selan Bank
උණුසුම් පුවත්
කොළඹ අයවැය මාලිමාව දිනපු හැටි විපක්ෂය කියයි
Dec 31, 202505:00 PM
කොළඹ අයවැය මාලිමාව දිනපු හැටි විපක්ෂය කියයි
Mobitel 1278

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්වූ පාලක ජාතික ජන බලවේගය අද (31) දිනයේ දෙවනවරට ඉදිරිපත් කිරීමේදී ජය ගත් ආකාරය නගරාධිපතිතුමිය සිය හෘද සාක්ෂියට තට්ටු කර විමසා බැලිය යුතු බව විපක්ෂය පවසයි.

කොළඹ මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන සභික රීසා සරූක් සඳහන් කළේ, අද දිනයේ අයවැය පරාජය කිරීමට නොහැකි වුණේ විපක්ෂයට බහුතරය නොමැති නිසා නොව සිය මන්ත්‍රීවරුන් සභාවේ නොසිටි නිසා බවය.

එහිදී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතුරුදන්වී ඇති බවත් තවත් මන්ත්‍රීවරයෙකුට පෞද්ගලික හේතුවක් නිසා ඡන්දය විමසීමට පෙර සභාවෙන් නික්මයෑමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.

තවත් අයෙකුව නාරාහේන්පිට පොලීසියෙන් රඳවාගෙන සිටි බවටද ඔහු චෝදනා කළේය.

කොළඹ මහ නගර සභාවේ සභික රීසා සරූක්,

"කොළඹ අයවැය අද පාලක පක්ෂය ජයග්‍රහණය කළා. අපේ මන්ත්‍රීවරයෙක්ව නාරාහේන්පිට පොලීසියෙන් උදෙන්ම ගෙදර ගිහින් අරගෙන රඳවගෙන තිබ්බා. තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්. ගෙදරත් ගිහින් බැලුවා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා නැහැ. එතකොට එතනත් අපිට ඡන්ද 2ක් නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමෙකුගේ භාර්යාවට හෘදයාබාධයක් කියලා ඡන්දය භාවිත කිරීම කිට්ටු කරලා එතුමට නික්ම යන්න වුණා. ඒ වගේම අපිත් එක්ක හිටපු මන්ත්‍රීතුමියක් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩු පක්ෂයට. අපිට හිතාගන්න පුළුවන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා."

"එදා පළමුවර අයවැය පරාජයට පත්වූ මොහොතේ නගරාධිපතිතුමිය ප්‍රකාශ කළා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා අපි එතුමියට කියනවා. අද දිනයේ බහුතරය ලබාගත්තේ කොහොමද කියලා තට්ටු කරලා අහන්න."

"අපිට බහුතරය නැති නිසා නෙමෙයි අපි අද පැරදුණේ. මන්ත්‍රීවරුන් මෙතන නොසිටි නිසා තමයි අපි පරාජයට පත් වුණේ. අපි ඉදිරියටත් අපේ බහුතරය රැක ගනිමින් අපේ කටයුතු කරනවා."

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් අද ජයග්‍රහණය කළේය.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී එය පරාජයට පත්වුණි.

පළමු වර අයවැයට විපක්ෂව ඡන්ද 60ක් එහිදී හිමි වූ අතර පක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණයි.

එවන් පසුබිමක අද දිනයේදී යළිත් වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවැනිවරට පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

රාජ්‍ය සේවය ගැන ජනපති අකමැත්තෙන් කියපු කතාව"මස් රාත්තලම ඉල්ලන න්‍යායට යන්න එපා"

 කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

කසළ ගොඩේ ආහාර සොයන වනඅලි

 පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

පාදුක්ක තානායමේ සිටි පිරිසකට එල්ල වූ අමානුෂික ප්‍රහාරය CCTV කැමරාවේ

 "ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

"ඕන දේකට කමිටු තමයි පැලැස්තරේ""ඒකට නීතිය නැමුවා...දැන් නැහැ"

 මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

මාස දෙකහමාරෙන් කඩ 20කට විදපු මත්ලෝලියා..ගෑස් සිලින්ඩර් තොග පිටින් හමුවෙයි..සොරකමේ CCTV මෙන්න

 පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

පනාගොඩ අනතුර ගැන මාලිමා මන්ත්‍රීගේ පාපෝච්චාරණය..

 ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම - දෙව්න්දරින් ඇරඹේ

 නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

නිදහස් පක්ෂ මහ ගෙදරට ආපු පොහොට්ටු‍වේ සෙට් එක | Ada Derana

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

මෙට්‍රෝ බස්වලට පාට් දාන ප්‍රයිවට් බස්වලට බිමල්ගෙන් රතු එළියක්

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

රිමාන්ඩ් භාරයට පත්වූ ශිරන්තිට අද නොලැබුණු අවසරය...

 "මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

"මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි" - ජනපති මහා සංඝරත්නය හමුවේ අවධාරණය කරයි | Ada Derana

 "ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට ලූ.." - "හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස නොබලා හඳ දෙසම බලන්න" | Ada Derana

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

"චීවරය දරාසිටීමට ජනාධිපතිවරයාගේ ශ්‍රී මුඛයෙන් නියෝග කරනු ලැබීමට නියමිතයි..." විමල්ට හිතෙන දේ...

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

ජනපති සමග සාකච්ඡාවට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලයට | Ada Derana

 "160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

"160 දෙනාම අරහත් ධජයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

2027 අය - වැයෙනුත් රජයේ සේවක වැටුප් ඉහළට

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

දිට්වා මුදල් වැය කර ඇත්තේ 8%යි - ලෝක බැංකුව කියයි

 ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

ශිරාන් බාසික්ගේ කෝටි 10ක දේපොළ තහනම් | ටියුෂන් ගුරුවරයෙකුගේ නමටත් සමහර දේපොළ

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

"අපේ සිතුවිලි තමා මානසික රෝගවලදි වෙනස් වෙන්නේ"මානසික රෝග ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීම්

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19,764ක් දැලේ

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

2027 අයවැයෙන් වැඩිම මුදල මුදල් අමාත්‍යංශයට

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

රජයේ නිලධාරීන් පවා අනීතිකව මුදල් ආයෝජනය කර වංචාවලට අහුවෙලා - මහ බැංකුව

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

2025 - 2026 වසරවල කෘෂිකර්මික කටයුතු ගැන ආර්ථික සංගණනයක් - නිලධාරීන් 15,000ක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ජනපති සහ මහා සංඝ රත්නය අතර විශේෂ සාකච්ඡාවක්

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිගේ සිවුර ගැලෙව්වැයි සංඝරත්නය උසාවිය අසලට

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ඇන්ඳවීම ගැන මහා නාහිමිවරුන්ගේ කනස්සල්ල

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

සිරිලිය ගිණුම : ශිරන්ති රිමාන්ඩ්

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana

තොග තිබුණත් බෙදාහැරීම් අඩාලයි - රට පුරා තෙල් පෝලිම් | Ada Derana