header logo
SLIC
ක්‍රීඩා
T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ
Dec 31, 202503:02 PM
T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ
EDEX

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාවන ඇෆ්ගනිස්තානය සංචිතය අද (31) ප්‍රකාශයට පත්කළේය.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වයට රෂීඩ් ඛාන් පත්කර ඇත.

වමත් වේග පන්දු යවන ෆසල්හක් ෆාරුකි, පිට දඟ පන්දු යවන මුජීබ් උර් රහ්මාන්, තුන්ඉරියව් ක්‍රීඩක ගුල්බදින් නයිබ්, දකුණත් වේග පන්දු යවන නවීන්-උල්-හක් යළිත් වරක් කණ්ඩායමට කැඳවා තිබේ.

ෆාරුකි සහ නයිබ් යන දෙදෙනාම ඔක්තෝබර් මාසයේ බංග්ලාදේශයේ සීමිත පන්දුවාර තරගාවලියෙන් පසු ඉවත්කර තිබුණි.

එමෙන්ම නවීන්ද සැප්තැම්බර් මාසයේ පැවති ආසියානු කුසලාන තරගාවලියෙන් පසු යළි කැඳවා ඇත.

ඔහු අවසන්වරට ඇෆ්ගනිස්තානය වෙනුවෙන් ක්‍රීඩාකර ඇත්තේ 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී සිම්බාබ්වේට එරෙහි විස්සයි20 තරගයකටය.

අවසන්වරට පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූ අතර, එය ඔවුන් ICC තරගාවලියක එතරම් දුරක් ගිය පළමු අවස්ථාව විය.

එහිදී ඔවුන් නවසීලන්තය, බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය වැනි ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම සිටි කණ්ඩායම් රැසක්ම පරාජය කළහ.

ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානය මූලික වටයේ දී 'D' කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව සමග ක්‍රීඩාකිරීමට නියමිතය.

ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලාන ගමන ආරම්භකරමින් නවසීලන්තයට එරෙහිව ක්‍රීඩාකරන අතර, එම තරගය පෙබරවාරි 8 වනදා චෙන්නායි හිදී පැවැත්වේ.

ඇෆ්ගනිස්තාන සංචිතය

රෂීඩ් ඛාන් (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන් (උපනායක), රහ්මනුල්ලාහ් ගුර්බාස් (විකේ), මොහොමඩ් ඉෂාක් (කඩුලු රකින්නා), සෙදිකුල්ලාහ් අටාල්, ඩර්විෂ් රසූලි, ෂහිදුල්ලාහ් කමල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, ගුල්බඩින් නයිබ්, මොහොමඩ් නබි, නූර් අහ්මඩ්, මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක්, ෆසල්හක් ෆාරුකි සහ අබ්දුල්ලා අහ්මඩ්සායි

අතිරේක - ඒ.එම්. ගසන්ෆර්, ඉජාස් අහ්මඩ්සායි සහ සියා උර් රහ්මාන් ෂරීෆි

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට