මාලිමාවට බලය හිමි උඩුනුවර ප්රා.සභාවේ අයවැය දෙවනවරටත් පරදියි
December 29, 2025 12:37 pm
ජාතික ජන බලවේගයට බලය හිමි උඩුනුවර ප්රාදේශීය සභාවේ අයවැය දෙවන වර කියවීමද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් ව තිබේ.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 18ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 20ක් ලැබී තිබුණි.
ඒ අනුව 2026 අයවැය දෙවන වර කියවීම ද වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.
