දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළ මට්ටමක

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළ මට්ටමක

December 29, 2025   09:51 am

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වයේ පහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණත්වය සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමකට පැමිණ ඇත.

ඒ අනුව කුඩා ළමුන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන් සහ ශ්වසන ආබාධ සහිත තැනැත්තන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.