යුක්‍රේන හා අමෙරිකා ජනාධිපතිවරු  අතර හමුවක් හෙට

යුක්‍රේන හා අමෙරිකා ජනාධිපතිවරු අතර හමුවක් හෙට

December 27, 2025   04:18 pm

යුක්‍රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් හෙට දින සිදුකිරීමට නියමිතව තිබේ.

අමෙරිකාවේ ෆ්ලොරිඩාහිදී මෙම හමුව සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී යුක්‍රේනය සහ රුසියාව අතර සාම සැලසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කාලාපයෙන් හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් වූ සෙලෙන්ස්කිගේ යෝජනාව සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.