මුහුදේ ගසාගෙන ගිය විදෙස් කත හා ඇගේ දරුවා පොලිස් විරුවන් බේරාගනී

මුහුදේ ගසාගෙන ගිය විදෙස් කත හා ඇගේ දරුවා පොලිස් විරුවන් බේරාගනී

December 27, 2025   09:32 am

හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් හා ඇගේ දරුවා දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී බේරාගැනීමට හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබේ.

ඊයේ දහවල් කාලයේ වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල්  (87162) දිසානායක හා පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන ඇත.

අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික අවුරුදු 42ක් වූ කාන්තාවක් හා ඇගේ අවුරුදු 14ක් වූ පුත්‍රයා වේ.