බැකෝ සමන්ගේ බිරිඳ ඇප කොන්දේසි සම්පූර්ණකර පිටව යයි

බැකෝ සමන්ගේ බිරිඳ ඇප කොන්දේසි සම්පූර්ණකර පිටව යයි

December 26, 2025   10:28 pm

රක්ෂිත බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප හිමිවූ අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය අද (26) ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇත.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත සැකකාරිය නිදහස් කර ඇති අතර ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.