IDH ප්රදේශයේ වෙළෙඳසැලක ගින්නක්
December 26, 2025 09:20 pm
අංගොඩ IDH ප්රදේශයේ වෙළෙද සැලක හදිසි ගින්නක් හටගෙන තිබේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා කොට්ටේ ගිනි නිවීමේ ඒකකයේ රථ 04ක් යොමු කර ඇති බව එම ඒකකය සඳහන් කළේය.
කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහල් 04කින් යුත් මෙම වෙළෙඳසැලේ ගින්න හට ගෙන ඇතැයිද ගින්න මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු සිදුකළ බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.
