ජපානයේ පිහි ඇණුමකින්  14ක් රෝහලට

ජපානයේ පිහි ඇණුමකින් 14ක් රෝහලට

December 26, 2025   07:02 pm

මධ්‍යම ජපානයේ මිෂිමා ප්‍රදේශයේ සිදුවු පිහි ඇණුමකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් කඩිනමින් රෝහල් ගත කිරීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රබර් කර්මාන්ත ශාලාවක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු විසින් අදාළ පහර දීම සිදුකර ඇති බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවය.