මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි
December 26, 2025 05:53 pm
සූරියවැව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක්වූ පාසල් සිසුවෙකු මේ වන විට දින කිහිපයක් පුරා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියට පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.
ඊට හේතුව වී ඇත්තේ අදාළ විදුහල්පතිවරයාගේ බිරිඳ ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම බව සඳහන් වේ.
අදාළ පාසල් සිසුවා දැනට දින 8ක සිට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවන බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් පවසන්නේ සූරියවැව පොලීසියෙන් තම දරුවාට කිසිදු සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් තමන් මාතර හම්බන්තොට දෙදිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටද මේ සම්බන්ධව පැමිණිල්ලක් සිදුකළ බවය.
දරුවෙකු වරදක් සිදුකර ඇත්නම් ඊට අදාළ දඬුවම් ලබා දිය යුතු වුවද මෙලෙස අමානුෂික ලෙස පහරදීම අනුමත කළ නොහැකි බව එම දරුවාගේ මව සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තමන් මානව හිමිකම් කොමිසමට සහ ළමා ආරක්ෂණ අධිකාරියට මෙන්ම ජනාධිපතිවරයාටද පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.
