සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ
December 25, 2025 09:42 pm
සෝමාවතිය - සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා අද (25) යළි විවෘත කරනු ලැබීය.
පසුගිය දිනවලදී පොළොන්නරුව දිස්ත්රික්කයට ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම මාර්ගය ජලයන් යට වූ අතර ඒ හේතුවෙන් රථවහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගත්තේය.
ඒ අනුව ජලය ක්රමානුකූලව බැස යාමත් සමග අද පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙසේ බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විවෘත කර තිබේ.
