බංග්ලාදේශ විපක්ෂ නායකයා වසර 17කට පසු සිය රටට
December 25, 2025 05:47 pm
බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සටනේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස සැළකෙන තාරික් රහ්මන් වසර 17කට පසු අද (25) යළි බංග්ලාදේශය වෙත පැමිණියේය.
BNP (Bangladesh Nationalist Party) පක්ෂයේ වත්මන් වැඩබලන සභාපතිවරයා වන ඔහු, බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වන කලිඩා ශියාගේ පුත්‍රයෙකු වේ.
මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන තාරික් රහ්මන් 2008 මැතිවරණයෙන් පරාජයවීමෙන් අනතුරුව, ශෙයික් හසීනා රජයේ බලපෑම් මත එරටින් පිටුවහල් කළේය.
ඉන් අනතුරුව එංගලන්තය වෙත පලාගිය ඔහු, මේ දක්වා කාලය තුළ කිසිදු දිනක බංග්ලාදේශයට පැමිණ නොතිබුණි.
කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා 2024 වසරේ දී ධුරය අත්හැරීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙලෙස සිය රට බලා පැමිණ ඇත.
බංග්ලාදේශ මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 12 වනදා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර, එහිදී BNP පක්ෂය බහුතර බලයක් ලබා ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට සැලසුම්කර තිබේ.
මේ අතර දශක දෙකකට ආසන්න කාලයකට පසු දිවයිනට පැමිණි සිය නායකයා උත්සවාකාරයෙන් පිළිගැනීමට ඔහුගේ ආධාරකරුවන් කටයුතු කරනු ලැබීය.
ලක්ෂ සංඛ්‍යාත ඔහුගේ ආධාරකරුවන් ඩකා ගුවන්තොටුපළේ සිට ඔහු ගමන් ගන්නා මාර්ගය දෙපස පෙළ ගැසී පිළිගැනීමට කටයුතු කළේය.
එමෙන්ම BNP පක්ෂය පවසා ඇත්තේ රහ්මාන් පිළිගැනීම සඳහා ඩකා අගනුවරට ආධාරකරුවන් ලක්ෂ 50ක පිරිසක් එක්රැස් කිරීම තම අරමුණ බවයි.
