සුළි කුණාටුවක් සමග නත්තල් සමරන ඕස්ට්‍රේලියානු දූපත් සමූහය

සුළි කුණාටුවක් සමග නත්තල් සමරන ඕස්ට්‍රේලියානු දූපත් සමූහය

December 25, 2025   10:22 am

බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට ඔබ්බෙන් වූ කුඩා දූපත් සමූහයකට සුළි කුණාටුවක බලපෑම් මතුව ඇති අතර එය පැයට කිලෝමීටර 100 ක් දක්වා වේගයකින් ගමන් කරන බවත් එයින් සුළි සුළං සහ දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවට අපේක්ෂා කෙරේ.

කොකෝස් දූපත්වල (කීලිං) පදිංචිකරුවන් සඳහා සුළි සුළං පිළිබඳ උපදේශන ක්‍රියාත්මක වන අතර ඔවුන්ට දැනුම් දී ඇත්තේ නත්තල් දිනයේදී එනම් අද (25) නිවෙස්වලට වී රැඳී සිටින ලෙසටය.

හදිසි ගංවතුර තත්ත්වයක් ද ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති බව සඳහන් වේ.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මැද එනම් බටහිර ඕස්ට්‍රේලියානු වෙරළට වයඹ දිගින් කිලෝමීටර් 2,000 කට වඩා දුරින් පිහිටි දූපත් වල 600 ක් පමණ ජනතාව ජීවත්වන බව සඳහන් වේ.

මෙම කණ්ඩායමට දූපත් 27 ක් ඇතුළත් වන නමුත්  ජනාවාස වී ඇත්තේ දූපත් දෙකක් පමණි.