ධීවර යාත්‍රාවකින් සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සැකකරුවන්ට දින 7ක රැඳවුම් නියෝග
December 25, 2025 08:15 am
දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් ධීවර යාත්‍රාවක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත් සැකකරුවන් දින 07ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගෙන තිබේ.
සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
පසුගිය 20 වන දින දකුණු මුහුදු තීරයේ දී සැක කටයුතු ධීවර යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී එහි මත්ද්‍රව්‍ය අඩංගු බවට නාවික හමුදාව විසින් සොයාගනු ලැබීය.
ඒ අනුව එම ධීවර යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු ඊයේ (24) දිනයේ දික්ඕවිට වරාය වෙත රැගෙන ආ අතර එම වරායේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉරානයට අයත් නෞකාවකින් අදාළ ධීවර යාත්‍රාවට ලබාගෙන ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් තවත් සැකකරුවන් හයදෙනෙකු මිරිස්ස ධීවර වරායේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒම සඳහා සහාය පල කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
මේ අතර මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බෝට්ටු සහ බහුදින ධීවර යාත්‍රා 99ක් පමණ මේ වසරේ දී සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.
මේ වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අදාළ යාත්‍රා සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
එහිදි සැකකරුවන් 360 දෙනෙකු පමණ භාරයට ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය.
මේ අතර මෙම වසරේ ජනවාරී පළමු වනදා සිට ඊයේ දිනය දක්වා කාලය තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4,000කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,982යි ග්‍රෑම් 600ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,050යි ග්‍රෑම් 100ක් වන බව සඳහන් කළේය.
මීට අමතරව හෂීස් කිලෝග්‍රෑම් 33ක්, මත්පෙති 1,683,722ක් දේශීය සහ විදේශීය ගංජා කිලෝග්‍රෑම් 5,900ක් ද සිය භාරයට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
