චීනයේ Bohai මුහුදු කලාපයෙන් ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක්
December 24, 2025 01:08 pm
ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදු කලාපය ආශ්‍රිතව සොයා ගෙන තිබේ.
චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) අද (24) මේ බව ප්‍රකාශ කළේය.
2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai ආශ්රිත තෙල් නිධියෙන් සොයා ගත් ටොන් මිලියන 100 ඉක්මවන තෙල් සංචිතයකින් යුත් හත්වන තෙල් නිධිය මෙයයි.
චීනයේ අක්වෙරළ තෙල් හා ගෑස් සංචිත තවදුරටත් තහවුරු කිරීම සහ ජාතික බලශක්ති ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන බව චීන බලධාරීන් පවසයි.
Qinhuangdao 29-6 තෙල් නිධිය Bohai මුහුදේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇත.
Qinhuangdao 27-3 තෙල් නිධිය, මෑත වසරවලදී මෙම මුහුදු ප්‍රදේශයෙන් සොයා ගත් ටොන් මිලියන 100 ඉක්මවූ තෙල් සංචිත සහිත තවත් තෙල් නිධියකි.
මෙම තෙල් නිධියෙන් දිනකට බොරතෙල් ටොන් 370ක් පමණ නිපදවීමට හැකි බව පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, එමඟින් යහපත් ගවේෂණ අපේක්ෂාවන් ද පෙන්නුම් කෙරේ.
