අර්ච්චුනා පොලීසියට භාරවෙයි
December 24, 2025 11:35 am
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා කොටුව පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (23) නිකුත් කළ වරෙන්තුවකට අනුව කොටුව පොලීසිය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
කොටුව පොලීසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට බලහත්කාරකම් පෑම හා මෝටර් රථ ආඥා පනතේ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතී.
කෙසේවෙතත් එම නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී සිට නොතිබූ අතර මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කර තිබුණි.
