පෝලන්තයේ සිට පළමු ගුවන්යානය කටුනායකට
December 24, 2025 07:52 am
ශීත ඍතුව වෙනුවෙන් පෝලන්තයේ සිට ශ්රී ලංකාවට පැමිණෙන ප්රථම ගුවන් යානය (Inogaral Flight) ඊයේ (23) රාත්රියේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට (Smart Wings)අයත් 3 Z- 7648 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්රී 10.10ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මෙම පළමු ගුවන් ගමන සඳහා බෝයිං - 737 වර්ගයයේ ගුවන්යානයක් යොදවා තිබූ අතර එහි ගුවන් මගීන් 180 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 09 දෙනෙකු පැමිණ සිටියහ.
මින් පසුව මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සතියකට එක් වරක්, එනම් සෑම අඟහරුවාදා දිනකම, එළැඹෙන 2026 වසරේ මාර්තු මස 15 දින තෙක්, පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.
මෙම ගුවන්යානා මඟින් පැමිණෙන ගුවන් මගීන් ශ්රී ලංකාවේ මුහුදු වෙරළ තීර, සීගිරිය, දඹුල්ල, මහනුවර, නුවරඑළිය සහ යාල යන ප්රදේශවල සංචාරය කිරීමට නියමිතය.
මෙසේ පැමිණි පෝලන්ත සංචාරයකයන් පිරිස ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සහ සංචාරක සමාගමේ නිලධාරීන් විසින් උත්කර්ෂවත් අන්දමින් කටුනායක ගුවන්තොටුපොළ තුළ දී පිළිගනු ලැබීය.
