උත්සවය සමය නිමිත්තෙන් විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක්
December 23, 2025 06:01 pm
එළඹෙන නත්තල් උත්සවය සහ 2026 නව වසර උදාවීම ඇතුළු උත්සව සමය හේතුකොට ගෙන විවිධ අවශ්‍යතාවයන් සඳහා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍රධාන නගර වෙත පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව හා ඔවුන්ට බාධාවකින් තොරව තම කටයුතු සිදුකිරීමට හැකිවන පරිදි විධිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි.
නත්තල් දින නිමිති කරගෙන දිවයිනේ සෑම කතෝලික දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් හා එයට අනුබද්ධිත වැඩසටහන් පැවැත්වෙන බැවින් එම ආගමික නායකයින් හා සංවිධායකයින් සමග සම්බන්ධීකරණය වී සියලුම බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇත.
මූල්‍ය ආයතන කඩසාප්පු ඇතුළු ජනතාව වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව සඳහන් වේ.
බුද්ධි නිලධාරීන් හා සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් නගර ආශ්‍රිතව යොදවා බුද්ධි තොරතුරු ලබා ගෙන අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා පියවර ගෙන ඇති බව පොලීසය පවසයි.
දෙස් විදෙස් සංචාරකයින් බහුලව ගැවසෙන හෝටල්, කඩසාප්පු සංකීර්ණ හා සංචාරකයින් ගැවසෙන ස්ථානයන්හි ආරක්ෂාව පිලිබඳව අවධානය යොමු කිරීමටත් පියවර ගෙන ඇත.
එසේම සැකකටයුතු පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම්, රථවාහන හා තම දේපල පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්, සැකකටයුතු තොරතුරක් වෙතොත් ලඟම සිටින පොලිස් නිලධාරියා දැනුවත් කරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මහජනතාවගේ ආරක්ෂාව හා පහසුව වෙනුවෙන් සිදු කරන මෙම රාජකාරී කටයුතු සඳහා මහජනතාවගේ සහයෝගය නිරන්තරයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපේක්ෂා කරයි.
