අභාවප්‍රාප්ත වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්
December 23, 2025 12:46 pm
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගධර, සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
ඒ මහතාගේ දේහය හෙට (24) උදෑසන 7.30ට නිවසට රැගෙන යෑමට නියමිත අතර, බ්‍රහස්පතින්දා පෙරවරුවේ ආගමික කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එදින සවස 5ට බොරැල්ල පොදු සුසාන භූමියේ අවසන් කටයුතු සිදුකෙරෙණු ඇත.
තලවතුගොඩ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී තිබුණි.
මේ වනවිට බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක් වෙත දේහය රැගෙන ගොස් ඇත.
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.
1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය අඩසිය වසරකට එහා ගිය අතීතයකට උරුමකන් කියන අතර මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි.
1986 වසරේ දී තිරගත වූ ගාමිණී ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කළ 'කෙටි වලිගය' චිත්‍රපටයේ සතිස්චන්ද්‍රයන් සිංහල තරුණයෙකුගේ චරිතයට තත්ත්පර 90ක කාලයක් රංගනයේ යෙදී සම්මානයට ද පාත්රවිය.
එමෙන්ම 1987 වසරේ සරසවි සම්මාන උළෙලේ දී භික්ෂූන් වහන්සේ නමක් ලෙස රඟපෑ සතිස්චන්ද්‍රයන්ගේ රංගනය කුසලතාවය වෙනුවෙන් විශේෂ ජූරී සම්මානයක් ද හිමිවුණි.
මේ අතර 1963 දී සතිස්චන්ද්‍රයන්ගේ මුල්ම නාට්‍ය නිෂ්පාදනය වූ 'බකතපස්' වේදිකා නාට්‍ය වේදිකාගත වුණි.
