ස්වේච්ඡා විශ්‍රම වැටුප් ක්‍රමය ප්‍රමාද වීමෙන් ලංවිම සේවකයින් 2000කට වැඩි පිරිසක් අර්බුදයක
December 23, 2025 09:06 am
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මගින් විදුලිබල මණ්ඩලයේ නව සමාගම්වලට අනුයුක්ත නොවන සේවකයින් විසින් පිරිසක් විසින් සිය සේවා විශ්‍රාම ගැනීම සම්බන්ධව බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාළ ලිපිය මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ එම සේවකයින් සඳහන් කර ඇත්තේ 2025 අගෝස්තු 26 දිනැති අංක 2451/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය මගින් සමාගම්වලට අනුයුක්ත නොවූ සේවකයින් ලෙස ඔවුන් ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ඉල්ලුම් කළ බවය.
කෙසේ නමුත් එම ස්වේච්ඡා විශ්‍රාම වැටුප් ක්‍රමය ඉල්ලුම් කර ඇති 2,200කට ආසන්න ලංවිම සේවක පිරිස මේ වන විට සිය අනාගතය සම්බන්ධව අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවද වාර්තා වේ.
ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් නොවීම හා එම දිනය දිනෙන් දින ප්‍රමාද වීම මෙන්ම යම් යම් කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් එම කටයුත්ත තවත් ප්‍රමාදයට පත්ව ඇති බවත් පවසන එම සේවක පිරිස සඳහන් කරනුයේ මේ හේතුවෙන් සිය අනාගත සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී ඇති බවය.
ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කර ලංවිම ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිසට සිය විශ්‍රාම යෑමට නියමිත දිනය ප්‍රකාශයට පත් කරන ලෙස දන්වමින් ස්වේච්ඡා විශ්‍රාම වැටුම් ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සිය ලිපිය මගින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇතැයිද සඳහන් වේ.
