අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

අස්වැසුම පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්

December 22, 2025   02:49 pm

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ.

මේ වනවිට ප්‍රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරේ.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වේ.

මේ වනවිට ප්‍රතිලාභ ලබන හා නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ අනුව යාවත්කාලීන කෙරේ.

තොරතුරු යථාවත් නොකළ සියලුදෙනාට පහත පරිදි එම කටයුත්ත සිදුකළ හැකිය.

* https://www.eservices.wbb.gov.lk වෙත පිවිස මාර්ගගතව තොරතුරු යථාවත් කළ හැකිය.

*අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයා හෝ වසමේ අස්වැසුම විෂයභාර නිලධාරිවරයා හමුවී තාක්ෂණික සහාය ලබාගෙන මාර්ගගතව තොරතුරු යථාවත් කිරීම.

* අදාළ අයදුම්පත පුරවා තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයට  ලබාදීම මඟින් තොරතුරු යථාවත් කිරීම.

*තමා අයත් ප්‍රදේශයේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථාන වෙත ගොස් එහි තාක්ෂණික සහාය ලබාගෙන තොරතුරු මාර්ගගතව යථාවත් කිරීම.